තැපැල් වර්ජනය අදත්
තැපැල් සේවකයන් ඊයේ ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විකිණීම නතර කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙන්නේ.
තැපැල් සේවකයන් වෘත්තිය ක්‍රියාමාර්ගය ඊයේ පස්වරු 4ට ආරම්භ කළ අතර එය පැය 48ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව පිට පළාත්වල සිට කිසිදු තැපැල් ප්‍රවාහනයක් සිදුනොකල බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සදහන් කළේ.
කොළඹ මධ්‍යම හුවමාරුවේ සිට ද කිසිදු බෙදා හැරීමේ කටයුත්තක් සිදුනොවු බව එම පෙරමුණ ප්‍රකාශ කළා. වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් තැපැල් කාර්යාලවල පාළු ස්වභාවයක් දක්නට ලැබුණා.
මෙම පසුබිම හමුවේ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ ප්‍රකාශ කළේ තම ඉල්ලීම් පිළිබද අවධානය යොමු නොකළ හොත් වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පටු අරමුණු වෙනුවෙන් රට අර්බුදයට ලක් කිරීමට කටයුතු නොකළ යුතු බවයි.
The post තැපැල් වර්ජනය අදත් appeared first on ITN News.