VTA GLOBAL JOB FAIR 2023 රැකියා වෙළඳපොලට තරුණ තරුණියන් රැසක්
වීටීඒ ග්ලෝබල් ජොබ් ෆෙයා 2023 දේශීය හා විදේශීය රැකියා වෙළඳපොල ඊයේ පැවැත්වුණා.
ඒ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නාරහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතන පරිශ්‍රයේදීයි.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වසර 28ක් පුරා වෘත්තීය පුහුණුව ලබා දෙන ප්‍රමුඛතම ආයතනයයි.
වෘත්තීය පුහුණුවෙන් සන්නද්ධ රැකියා අපේක්ෂකයින් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා දීම මූලික කර ගනිමින් මෙම රැකියා වෙළඳපොල පැවැත්වුණා.
වසරකට ආධුනිකයින් 40,000කට අධික සංඛ්‍යාවක් වෘත්තීය පුහුණුව සාර්ථකව අවසන් කරනවා.
විවිධ ක්ෂේත්‍රයෙහි වෘත්තීය පුහුණු නිපුණතාව සමගින් ඔවුන් NVQ සහතිකය ලබමින් වෘත්තීය ලෝකයට පිවිසෙනවා.
The post VTA GLOBAL JOB FAIR 2023 රැකියා වෙළඳපොලට තරුණ තරුණියන් රැසක් appeared first on ITN News.