ඊශ්රායල කාන්තාවන් පිරිසක් සටන් විරාමයක් ඉල්ලා උද්ඝෝෂණයක
ඊශ්‍රායල කාන්තාවන් පිරිසක් සටන් විරාමයක් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වනවා.
දෙරටේම කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව සහතික වීමට නම් සටන් විරාමයක් වහාම අවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
නගර මධ්‍යයට රැස්ව බිම හිඳ ගනිමින් ඔවුන් විරෝධතාවේ නියැළුණා.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඊයේ, නිවේදනය කළේ බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ඇතුළු වී ශබ්ද විකාශන යන්ත්‍රයකින් යුදෙව් යාඥාවන් ගායනා කළ සොල්දාදුවෙකුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත් බවයි.
එමෙන්ම තුන් දින මෙහෙයුමේදී 12 දෙනෙකු ඝාතනය කල බවද සඳහන්.
හමාස් ත්‍රස්තවාදීන් යැයි සැක කෙරෙන පුද්ගලයින් දස දෙනෙකු ඒ අතර සිටිනවා.
එමෙන්ම 34 දෙනෙකුට තුවාල සිදු වුණා.
The post ඊශ්රායල කාන්තාවන් පිරිසක් සටන් විරාමයක් ඉල්ලා උද්ඝෝෂණයක appeared first on ITN News.