උසස් පෙළ අයදුම්පත් සංශෝධනය කිරීමේ කාලය දීර්ඝ කරයි
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2023 අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන්ට අයදුම්පත් සංශෝධන කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
අ.පො.ස උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් සංශෝධන කිරීමට ලබා දී ඇති කාලය දෙසැම්බර් 22 මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්.
ඒ අනුව http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස අයදුම්පතෙහි සංශෝධන කළ හැකි අතර සංශෝධන සිදු කළ හැකි වන්නේ එක් වරක් පමණක් බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
The post උසස් පෙළ අයදුම්පත් සංශෝධනය කිරීමේ කාලය දීර්ඝ කරයි appeared first on ITN News.