ව්යාජ ලේඛන සකස් කළ ස්ථානයක් වටලයි
දිගු කලක සිට විදේශ ගමන් බලපත්‍ර ඇතුලු ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කරමින් සිටි බව කියන ස්ථානයක් විශේෂ කාර්ය බලකාය මඟින් වටලනු ලැබුවා.
පන්නල ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකෙරුණේ.
ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර , විදෙස් අනුග්‍රහ ලිපි ඇතුලු මහා පරිමාණයෙන් ව්‍යාජ ලේඛන සකස් කළ ස්ථානයකුයි මෙලෙස වටලා තිබෙන්නේ.
ඒ සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් උපකරණ සහ අමුද්‍රව්‍ය රැසක් ද ව්‍යාජ ලේඛන විශාල ප්‍රමාණයක් ද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
The post ව්යාජ ලේඛන සකස් කළ ස්ථානයක් වටලයි appeared first on ITN News.