How can Sri Lankan charities find international donors and partners?

ආර්ථික වර්ධනය වේගවත් කිරීමට පුළුල් උපාය මාර්ගික ක්රියාවලියක් මත කටයුතු කළ යුතුයි

- itnnews.lk

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වර්තමාන අභියෝගයන්ට සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ඊයේ (20) පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමින්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලමණාකාරිත්වයෙන් 82% ක් මෙම සංගමයේ සාමාජිකත්වය උසුලන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සමඟ සෘජුවම කටයුතු කරන අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණක් මෙම සංගමය සමන්විත වෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

“මෙරට වෙළෙඳ ශේෂයේ ඇති අභියෝග මෙන්ම ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත්කම අප අවබෝධ කර ගත යුතුයි.

ඒ අනුව අප රජය ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගතව කටයුතු කරනවා.

ඒ සමඟම අපගේ ඉලක්කය වන්නේ ඉන් ඔබ්බට වන අවස්ථා ගවේෂණය කිරීම සහ යුරෝපීය සංගමය සමඟ වෙළඳ සබඳතා වැඩි දියුණු කර ගැනීමයි.

එම ඉලක්කය සපුරා ගැනීමේ දී මුහුණ දෙන තරගකාරිත්වය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට පූර්ණ ඩිජිටල්කරණයට කැපවී සිටිනවා.

ඒ අනුව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘතිම බුද්ධිය (AI) පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය එක්ව කටයුතු කරමින් සිටිනවා.

නිශ්චිත කාල රාමුවක් තුළ මෙරට සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා පුළුල් සැලැස්මක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.

හරිත ආර්ථිකයක් බවට පත්වීමේ උත්සාහයන් සමඟ ශ්‍රී ලංකාව ගෝලීය තිරසාර ඉලක්ක සපුරා ගැනීම සඳහා පරිසර හිතකාමී පරිචයන් සහතික කරමින් ශුද්ධ ශුන්‍ය ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අප කෙටි කාලයක් තුළ අවම උත්සායකින් සාක්ෂාත් කර ගැනීමට පහසු ක්ෂේත්‍රයන් හඳුනා ගෙන වැඩි දියුණු කර ගත යුතුයි.

ඒ අනුව සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ තොරතුරු තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර හඳුනා ගෙන තිබෙනවා.

ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

වී වගාව වැඩිදියුණු කිරීම, භාවිතයට නොගත් ඉඩම් නිදහස් කිරීම සහ කුඩා පරිමාණ කෘෂිකර්මාන්තය නගා සිටුවීම කෙරෙහි අපගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාව තවමත් සම්පූර්ණයෙන් තක්සේරු කර නැහැ.

ඉන්දියාව ඇතුළු තවත් රටවල් සඳහා අපගේ අතිරික්ත බලශක්තිය අපනයනය කළ හැකි බවට හඳුනා ගෙන ඇති සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා සැලකිය යුතු ආයෝජනයක් කිරීමට ද අප අපේක්ෂා කරනවා.

තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම මෙම උපාය මාර්ගයේ ප්‍රධානතම සාධක වෙනවා.

පෞද්ගලික අංශය සමඟ එක්ව තවත් පුහුණු ආයතන ආරම්භ කිරීමටත්, කෘතිම බුද්ධිය පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහාත් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.

මෙසේ නගා සිටුවන තාක්ෂණයන් සහ කර්මාන්ත ප්‍රාග්ධනය ලෙස තබා ගෙන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

මෙහිදී මූල්‍ය විනය සහතික කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තුවලට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙනවා.

අභියාචනා ප්‍රමාද වීම් සහ ආදායම් එකතු කිරීම කඩිනම් කරගත හැකි යාන්ත්‍රණයක් අපට අවශ්‍ය වෙනවා.

වර්තමාන අභියෝගයන්ට අප සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර පහක් හයක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අපට අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව විශ්වාසයි.”

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් (වැ.බ) උපුල් ජයවර්ධන, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති දේශීය ආදායම් කොමසාරිස් එම්. ඒ ප්‍රියංක යන මහත්වරුන් සහ දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල්වරන්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන් හා කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුණා.

The post ආර්ථික වර්ධනය වේගවත් කිරීමට පුළුල් උපාය මාර්ගික ක්රියාවලියක් මත කටයුතු කළ යුතුයි appeared first on ITN News.

You may also like

- colombogazette.com

Several Sri Lankans have been killed while fighting as mercenaries in the Russia-Ukraine war, the Ministry of Defence said. The Ministry of Defence said that a number of retired Sri Lankan soldiers have joined the Russian-Ukraine war through human traffickers, as members of mercenary groups. “It is also revealed that a significant number of war […]

- colombogazette.com

AstraZeneca is withdrawing its highly successful coronavirus vaccine, citing the availability of a plethora of new shots that has led to a decline in demand. The vaccine — called Vaxzevria and developed in partnership with the University of Oxford — has been one of the main Covid-19 vaccines worldwide, with more than 3 billion doses […]

- island.lk

A human trafficking scheme targeting  retired military personnel from Sri Lanka’s armed forces has been uncovered . The individuals who have fallen prey  were deceived into believing that they would receive significant benefits, including high salaries and citizenship, by joining Russian and Ukrainian forces. They have been sent on tourist visas and subsequently deployed for […]

- adaderana.lk

President Ranil Wickremesinghe says that his task to restore the country s economy is nearing its end and that they have to now focus on the next step.

- adaderana.lk

A teenager has been killed in an accident involving a motorcycle near the 8th mile post on the Bemmulle Gedara Road in Kahawatte Ela, in the Pothuhera police area.

- colombogazette.com

The Sri Lankan Government says there were no concerns raised over the recent visit by Iranian President Ebrahim Raisi. Foreign Minister Ali Sabry said that the Ministry of Foreign Affairs adheres strictly to international rules and regulations in its interactions with foreign countries. “we’re actively seeking to attract more investors, as demonstrated by the successful […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc