නාවික හමුදාව යක්කලමුල්ල කනපේරිය පාලම තුළ සිරවූ අපද්රව්ය ඉවත් කරයි
ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පොල්අතු ගඟ හරහා ඉදි කර ඇති කනපේරිය පාලම තුළ සිරවූ අපද්රව්ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 20 සහ 21 දෙදින ක්‍රියාත්මක කළා.
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් යක්කලමුල්ල පොල්අතු ගඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය පොල්අතු ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වෙයි.
ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් යොදවා, ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පොල්අතු ගඟ හරහා ඉදි කර ඇති කනපේරිය පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීම වෙනුවෙන් 2023 දෙසැම්බර් මස 20 සහ 21 දෙදින සිදුකල මෙහෙයුම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම වැළැක්වීමට සහ ජලය ක්‍රමවත්ව බැස යාමට අවශ්‍ය කටයුතු සිදු කෙරිණි.
The post නාවික හමුදාව යක්කලමුල්ල කනපේරිය පාලම තුළ සිරවූ අපද්රව්ය ඉවත් කරයි appeared first on ITN News.