මෝටර් රථය පරීක්ෂා කරන්න යද්දී සැරයන්ගේ මූණට ගහලා – සැරයන් රෝහලේ – රියදුරු කූඩුවේ
මහනුවර පොලීසිය ඉදිරිපිට දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ බීමත් රියදුරෙකු මුහුණට පහරදීම නිසා තුවාල ලත් මහනුවර පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම පහරදීම පෙරේදා (24) පස්වරු 4.30 ට පමණ සිදුව තිබෙන අතර බීමතින් රිය පැදවීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළා
සැකකරු සූපවේදියෙකු ලෙස මහනුවර හෝටලයක සේවය කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ඔහු නත්තල් සාදයකට සහභාගි වී එමින් සිටිය දී රථ වාහන අංශ නිලධාරියා මෝටර් රථය පරීක්ෂා කර ඇති අතර බීමතින් සිටි ඔහුට වාහනයෙන් බහින ලෙස දැනුම් දුන් අවස්ථාවේ ඔහු තමන්ට පහරදුන් බව පොලිස් නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර වටපුළුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.
The post මෝටර් රථය පරීක්ෂා කරන්න යද්දී සැරයන්ගේ මූණට ගහලා – සැරයන් රෝහලේ – රියදුරු කූඩුවේ appeared first on ITN News.