බල්ගේරියාවේ සිට සංචාරකයින් රැගත් පළමු ගුවන්යානය මත්තලට
බල්ගේරියාවේ සිට සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වුණා.
පළමු කණ්ඩායම ලෙස සංචාරකයින් 200 දෙනෙකු මෙසේ දිවයිනට පැමිණියා.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි මෙම සංචාරකයින් උණුසුම් අයුරින් පිලිගැනීමට ගුවන්තොටුපල බලධාරීන් ක්‍රියා කළා.
සෑම සඳුදා දිනකම මෙම ගුවන්යානය සංචාරකියන් රැගෙන මත්තලට පැමිණීමට නියමිතයි.
බල්ගේරියාවේ සංචාරක ක්‍රියාකරුවෙකු සමඟ ඇති කරගත් විධිමත් හවුල්කාරිත්වයක් යටතේ මෙරට පෞද්ගලික ආයතනයක් මෙලෙස සංචාරකයින් රැගෙන ඒම සිදු කරනවා.
The post බල්ගේරියාවේ සිට සංචාරකයින් රැගත් පළමු ගුවන්යානය මත්තලට appeared first on ITN News.