ඉහළම සංචාරක පැමිණීමක් වාර්තාවී ඇත්තේ දෙසැම්බර්
පසුගිය වසර 4 ඇතුළත මාසයක් තුළ ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ මෙම දෙසැම්බර් මාසයේදී බව සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
එය ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි ඒ මහතා පවසන්නේ.
2023 වසරේ මුල සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් තිබූ අතර මෙම වසර අවසානයේදී එම ඉලක්කය සපුරාගැනීමට හැකිවෙනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.
The post ඉහළම සංචාරක පැමිණීමක් වාර්තාවී ඇත්තේ දෙසැම්බර් appeared first on ITN News.