How can Sri Lankan charities find international donors and partners?

Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්රදර්ශනය සාර්ථකව නිමාවට පත්වෙයි

- itnnews.lk

කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී අති සාර්ථකව ක්‍රියාත්මක වූ “Industry 2023 Galle Edition” දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය නිමාවට පත්කරමින් එහි සමාප්ති උත්සවය ඊයේ(30) පැවැත්වුණා.

ඒ් කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් මහා දිසාපති ශාන්ත වීරසිංහ මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

උත්සව සභාව අමතමින් කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ප්‍රදර්ශනය සදහා සහභාගී වූ සියළුම ව්‍යවසායකන් සහ අනුග්‍රහය දැක්වූ අනුග්‍රහක භවතුන් වෙත ස්තූතිවන්ත වන බවත් මෙවැනි ප්‍රදර්ශන සංවිධානය කිරීම වෙනුවෙන් ලංකා කාර්මික මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය අගය කර සිටින බවයි.

එමෙන්ම අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැංවීමේ අරමුණින් ආරම්භ කරන ලද වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස මෙම කර්මාන්ත ප්‍රදර්ශනයත් තවත් පියවරක් ලෙස පාසල් ළමුන් තුළ ව්‍යවසායකත්ව සංවර්ධනය උදෙසා ආරම්භ කළ පාසල් ව්‍යවසායකත්ව වැඩසටහනත් හැඳින්විය හැකි බවත් ඒ මහතා පැවසීය.

තවද දිස්ත්‍රික්ක තුනක් මුල් කර ගනිමින් කර්මාන්තපුර ඇති කිරිමත්, Industry Ceylon ත්‍රෛයි මාසික කර්මාන්ත සඟරාව ආරම්භ කිරිම සහ Peo Tv 130 ඔස්සේ විකාශය කිරීමට ” INDUSTRY TV” නාලිකාව ආරම්භයත් කර්මාන්ත සහ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය උදෙසා සිදු කළ බව කර්මාන්ත අමාත්‍යතුමන් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එක්වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ, අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ප්‍රදර්ශනය විශාල පිටිවහලක් වන බවත් එය හුදෙක් භාණ්ඩ අලෙවිය පමනක් නොව තාක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වයට අවශ්‍ය සම්බන්ධතා ගොඩ නගා ගැනීමට අත්වැලක් වන බවයි.

එමෙන්ම මෙම කර්මාන්ත ප්‍රදර්ශනය නිසාවෙන් මුළු ගාල්ල නගරයම අද ප්‍රදර්ශන භුමියක් වී ඇති බවත් මෙවන් පසු බිමක් තුළ මෙම ආර්ථික අර්බුදයෙන් මිදීම වැඩි ඇතක නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදු කෙරුණු අතර එහි ප්‍රථම ත්‍යාගය සදහා ලුමාලා ආයතනයත් දෙවන සහ තෙවන ත්‍යාග සඳහා කල්හාරි එන්ටර්ප්‍රයිසස් ආයතනයත් අනුග්‍රහය දැක්වීය.

එමෙන්ම මෙම දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ අනුග්‍රාහක ව්‍යාපාර ආයතන සදහා සමරුඵලක ප්‍රදානයද කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් සිදු කෙරිණී.

මෙහිදී කර්මාන්ත ප්‍රදර්ශනයට සහභාගී වූ ව්‍යවසායක මහත්ම මහත්මීන් සඳහා සහභාගීත්ව සහතික පිරිනැමීමද සිදු කෙරුණී.

The post Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්රදර්ශනය සාර්ථකව නිමාවට පත්වෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The committee tasked with addressing administrative issues within Sri Lanka Police, including the delays in disciplinary inquiries, has submitted its report to Inspector General of Police (IGP) Deshabandu Tennakoon.

- colombotelegraph.com

[…]The post Sri Lanka’s Political Landscape: Navigating A Tripartite Contest appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post From Absurdities To Atrocities, Again? appeared first on Colombo Telegraph.

- onlanka.com

The Government Health Service Ambulance Drivers Association has drawn attention to a shortage of ambulance drivers within the government hospital system in Sri Lanka.The post Sri Lanka’s government hospitals grapple with ambulance driver shortage appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Indian Government announced on Saturday that it has granted permission for the export of 99,500 tonnes of onions to six neighboring countries, despite the existing ban on shipments.The post Indian government permits onion exports to six nations, including Sri Lanka appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Sri Lankan Rupee (LKR) has appreciated against the US dollar (USD) today (April 26), according to the Central Bank of Sri Lanka (CBSL).The post Sri Lankan Rupee appreciated against U.S. Dollar on April 26, 2024 appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc