යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්රහාරයන් දැඩි කරනවා – පුටින්
යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්රහාරයන් දැඩි කරන බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරනවා.
රුසියාවේ බෙල්ග්‍රෝඩ් ප්‍රදේශයට යුක්රේනය එල්ල කළ ප්‍රහාරය සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයක් බවට රුසියා ජනාධිපතිවරයා චෝදනා කරනවා.
එම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් මැඩ පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි පුටින් ජනාධිපතිවරයා පවසන්නේ.
මේ වන විට යුද මෙහෙයුම් වල වැඩි වාසි රුසියාව සතු බව ඔහු සඳහන් කරනවා.
එබැවින් යුද මෙහෙයුම් කටයුතු අවසන් විය යුත්තේ රුසියාවේ අභිමතය මත පමණක් බවයි රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
The post යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්රහාරයන් දැඩි කරනවා – පුටින් appeared first on ITN News.