How can Sri Lankan charities find international donors and partners?

තේ දළුවල ප්රමිතිය ඉහළ නැංවීමේ B 60 වැඩපිළිවෙළ ජනවාරි 01 සිට බලාත්මකයි

- itnnews.lk

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩ පිළිවෙළ ජනවාරි මස 01 දින සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩලයේ  කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා ඊයේ (03) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නා.

තේ දළුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන B 60 වැඩ පිළිවෙළ ජනවාරි මස 01 දින බලාත්මක කර ඇත්දැයි සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03)  පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කළා.

නෙලා ගන්නා ලද තේ දළුවලින්  60%ක්  ළපටි දළුවලින් සමන්විත ව තිබීම මෙම B 60 වැඩ පිළිවෙළ යටතේ අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන අතර සෑම තේ කර්මාන්ත ශාලාවක්ම මෙම ප්‍රතිපත්තිය ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කරමින් තේ කොමසාරිස්වරයා විසින් අදාල තේ කර්මාන්තශාලාවල කළමනාකාරිත්වය දැනුම්වත් කර තිබෙනවා.

මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 90කින් ඉහළ යන අතර ප්‍රතික්ෂේපිත( Refused Tea)  තේ අන්තර් ගතවීම 07% දක්වා අවම කර ගැනීමට හැකිවේ.

සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන තේවලින් ප්‍රතික්ෂේපිත තේ (Refused Tea)  තිබිය හැකි ප්‍රමාණය 07%ක් වුවද , B 60 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම තුළ එය 17 %දක්වා ඉහළ යා හැකිය.

එයට  හේතුව මෝරන ලද තේ දළු නෙලීමට කර්මාන්තකරුවන්ට සිදුවීමයි.

මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් සෑම සතියකට වරක්ම තේ දළු නෙළිය යුතු අතර මෙම B 60 වැඩ පිළිවෙළ යටතේ එක් තේ වත්තකින් නෙලා ගත හැකි දළු අස්වැන්න 20%කින් ඉහළ යනු ලබයි.

තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් තේ වතු හිමියන්ට වැඩි ආදායමක් උපයා ගැනීමටත් එමගින් සේවක මණ්ඩල සඳහා වැඩි වරප්‍රසාද ලබා දීමටත් හැකි වේ.

කිසියම් තේ කර්මාන්තශාලාවක් B 60 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සිතා මතා කඩාකප්පල් කළහොත් එම තේ කර්මාන්ත ශාලාවේ ලියාපදිංචි කිරීමේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ද තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පැවසුවා.

ඒ සඳහා බලතල තේ මණ්ඩල පනත මගින් කොමසාරිස්වරයාට පවරා තිබෙනවා.

 

 

The post තේ දළුවල ප්රමිතිය ඉහළ නැංවීමේ B 60 වැඩපිළිවෙළ ජනවාරි 01 සිට බලාත්මකයි appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post A Season Of Fun & Frolic; Every Pantaloon Is Running Loose appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post American Chaos, Modi’s Heatwave & Ranil As Common Government Candidate appeared first on Colombo Telegraph.

- adaderana.lk

An ammunition explosion at a base in southwestern Cambodia on Saturday afternoon killed 20 soldiers and wounded several others, Prime Minister Hun Manet said.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the government s aim to create a highly competitive, export-oriented economy based on market economy, expressing full faith in the business community of the country.

- adaderana.lk

The Indian Government on Saturday said it has allowed exports of 99,500 tonnes of onions, mainly sourced from Maharashtra, to six neighbouring countries despite the ban on shipments.

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc