ඊශ්රායලයේ රැකියා ලාභීන් 36 දෙනෙකුට ගුවන් ටිකට්පත්
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ රැකියා ලාභීන් 36 දෙනෙකු සඳහා ඊයේ (04) දින අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබුවා.
ඊශ්‍රායලයේ රැකියා හිමිවූ සිය වන කණ්ඩායම වන මෙම පිරිස ජනවාරි මස 8 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.
එම පිරිසට කාන්තාවන් තිස් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ඇතුලත් වේ.
මේ පිරිසත් සමගින් ලාංකිකයින් 860 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවාරැකියා වරම් හිමිවී තිබෙනවා.
2024 වසරේ ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටව යන පළමු කණ්ඩායම මෙය වන අතර, පසුගිය වර්ෂයේදී පුද්ගලයින් 595 දෙනෙකුට ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවුණා.
The post ඊශ්රායලයේ රැකියා ලාභීන් 36 දෙනෙකුට ගුවන් ටිකට්පත් appeared first on ITN News.