තීරුබදු රහිතව ගෙන් වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදු වනවා.
නිට්ටඹුව පොලීසිය සිදුකළ එක් මෙහෙයුමකදී තීරුබදු රහිතව ගෙන් වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගත්තා.
මැල්සිරිපුර ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු නිට්ටඹුවේ දී මෙම දුම්වැටි අලෙවි කිරීමට උත්සාහ දරා තිබෙනවා.
අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ පනස් දහසකට අධිකයි.
මෙම පුද්ගලයා කලක් පුරා මෙවැනි ජාවාරම් සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වුණේ.
The post තීරුබදු රහිතව ගෙන් වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.