උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබු අංක 1008 දරණ මගී ප්‍රවාහන දුම්රිය රැදැල්ල හා ග්‍රේස්ට්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර පිහිලි පැනීමකට ලක්
විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
මේ පිලිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ අද දින පෙරවරු 10.30 බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබු අංක 1008 දරණ මගී ප්‍රවාහන දුම්රිය රදැල්ල හා ග්‍රේස්ට්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර 124/2 දරණ ස්ථානයේදි පීලි පැනිමකට
ලක්ව ඇති බවයි.
එම දුම්රියේ 02වන පංතියේ දුම්රිය මැදිරියක් මෙසේ පීලි පැනීමකට ලක්ව ඇති බවත් එම තත්වයන් මත මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇන හිට ඇති
බවයි.
මෙසේ පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරිය පීලි ගත කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානයේ කාර්මික අංශය දැනුවත් කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
The post උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා appeared first on ITN News.