රඹුක්කන ප්රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි සායන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ

- itnnews.lk

රඹුක්කන ප්‍රදේශීය රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද සිව් මහල් අක්ෂි සායන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, සබරගමු පලාත් ආන්ඩූකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් (09) ඊයේ  සිදු කෙරුණා.

සබරගමුව පලාත් සභාවේ විමධ්‍යගත අරමුදල් හා ලෝක බැංකුවේ අරමුදලින් ඉදිකරන ලද මෙම අක්ෂි සායන ගොඩනැගිලි සංකීර්ණය සඳහා වැය කල මුදල රුපියල් මිලියන 176.5 ක් වන අතර මෙහි වැඩ කටයුතු 2016 වර්ෂයේ දී ආරම්භ කර තිබෙනවා.

වාර්ෂිකව අක්ෂි රෝගීන් දෙදහස් පන්සියයකට අධික ප්‍රමාණයක් මෙම රෝහලේ අක්ෂි සායනයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අතර මේ වන විට අක්ෂි ශල්‍යකර්ම සඳහා රෝගීන් 800කට අධික ප්‍රමාණයක් පොරොත්තු ලේඛනයේ ලියාපදිංචි වී තිබෙන බව රෝහල් දත්ත පෙන්වා දෙයි.

ඊයේ දින සුව සේවාවට එක් කරන ලද නව අක්ෂි සායන ගොඩනැගිලි සංකීර්ණයෙන් අක්ෂි රෝගීන් සඳහා වු බාහිර රෝගී අංශය, අක්ෂි සායන සේවා, ශල්‍යාගාර පහසුකම්, දැඩි සත්කාර සේවා, රසායනාගාර පහසුකම් හා විකිරණ පරීක්ෂා පහසුකම් යන සේවාවන් ලබා දෙනවා.

රඹුක්කන ප්‍රාදේශීය රෝහල කෑගල්ල දිස්ත්‍රිකයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හා රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් (ඒ) ශ්‍රේණියේ ප්‍රාදේශීය රෝහලක් වන අතර ග්‍රාම නිලධාරී වසම් 89 ක ලක්ෂ 01 කට අධික ජනතාවක් සඳහා මෙම රෝහල මගින් සුව සේවා සත්කාරය සපයනු ලබයි.

එමෙන්ම පින්නවල, රඹුක්කන ප්‍රදේශයන් සංචාරක පුරවරයක් වශයෙන් දියුණු වෙමින් පවතින අතර ජනගහනය ද, සීග්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා.

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ද පෙන්නුම් කරන හෙයින් මෙම රෝහල හරහා ලබා දෙන සුව සේවා සත්කාර, ප්‍රතිකාර සේවාවන් ප්‍රවර්ධනය කර විධිමත් ගුණාත්මක සේවාවක් ලබා දීම රජයේ ප්‍රධාන අරමුණක් වේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

‘’විශිෂ්ට අක්ෂි රෝහලක් ලෙස පරිවර්තනය වන මේ ගොඩනැගිලි සංකීර්ණය විශේෂඥ අක්ෂි වෛද්‍යවරයකු ලබා දෙන්න කියන ඉල්ලීම ඉටුකරනවා .

මාවනැල්ල රෝහල දැනට තියෙන්නේ මුලික රෝහල බී කියන කාණ්ඩයේ, ඒක ඒ කියන කාණ්ඩයට උසස් කරලා අක්ෂි වෛද්‍යවරයෙකු මේ රෝහලට අනුයුක්ත කරලා මේ රෝහලේ වැඩ කටයුතු ආවරණය කිරීමට ලබා දෙන්න වහාම පියවර ගන්න කියලා මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට දුරකථනයෙන් දැන් දැනුම් දුන්නා.

ඔබ තුමන්ලාගෙත්, ආණ්ඩුකාරතුමාගෙත් ,සෞඛ්‍ය ලේකම්තුමාගෙත් ඉල්ලීම. මුලික රෝහලක් ලෙස වැඩිදියුණු කරන්නත් දැන් අපි මුලික වැඩ කටයුතු සම්පාදනය කරගෙන යනවා.’’

‘’1948 අපි බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන් නිදහස ලබන කොට අපේ රටේ ජීවත් වීමේ ආයු කාලය අවරුදු 42 යි, ඒක මේ විශ්ෂ්ට පද්ධතියේ කැපවීම නිසා අද අවුරුදු 77 ක් දක්වා වැඩි වෙලා තියෙනවා.

අද ඒක්සත් රාජධානිය වගේ දියුණු රටක් උපතේ සිට විපත දක්වා ජීවත් වීමේ ආයු කාලය 78 යි.

අපේ මාතෘ මරණ , ලදරු මරණ, ඒන්නත් නොගෙන වලක්වා ගැනීමේ රෝග තත්වය ලෝක මට්ටමට ගිහිල්ලා තිනෙවා.

ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භ සාමාජිකත්වයක් දරන රටක් හැටියට අප රට හදුන්වන්නේ අඩු පිරිවැයකින් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රටක් හැටියටයි.

ඒ අභිමානය ආරක්ෂා කර ගැනීමේ යුතුකම අපි සෑම කෙනෙකුම සතුව තියෙනවා’’. යනුවෙන්ද පැවසුවා.

මෙම අවස්ථාවට උතුරු මැද පලාත් ආන්ඩූකාර මහීපාල හේරත්, තාක්ෂණික කටයුතු පිලිබද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් , සබරගමු පලාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් උදාකර , සබරගමු පලාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය , සබරගමුව පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර , කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ, රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුමින්ද ගමගේ ,කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තවුෆික්, රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුමින්ද ගමගේ, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post රඹුක්කන ප්රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි සායන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ appeared first on ITN News.

You may also like

- adaderana.lk

A Sri Lankan passenger arriving from Thailand has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake last night for the possession of more than 05 kg of Kush cannabis.

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers will occur at several places in most provinces of the island after 2.00 p.m.

- colombotelegraph.com

[…]The post May Day Music Miscellany: Contest Between The SJB & The NPP & The UNP-SLPP Dilemma appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Why A Tamil Common Candidate In The Presidential Election? appeared first on Colombo Telegraph.

- colombogazette.com

Sri Lanka’s security forces abducted men and women from the ethnic Tamil minority and tortured them in custody long after the end of a bloody civil war in the South Asian island nation, a human rights group said in a new report. The 26-year civil war between separatist Tamil insurgents and government forces ended in […]

- colombotelegraph.com

[…]The post Utilizing The PIP Approach To Develop The Business Sector: A Much-Needed Policy Reform For Sri Lanka appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc