යුක්තිය මෙහෙයුමෙන් තවත් 999ක් අත්අඩංගුවට
ඊයේ අලුයම තුනේ සිට අද අලුයම තුන දක්වා දිවයින පුරා සිදුකළ යුක්තිය විශේෂ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය රැසක් සමග සැකකරුවන් 999 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 999 දෙනාගෙන් 31 දෙනෙකු රදවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ 26 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 54 දෙනෙකු ද අත්අඩංගුවට ගත් අය අතර වනවා.
මෙම මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 453ක් සහ අයිස් ග්‍රෑම් 306 අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොකෝන් ග්‍රෑම් 940ක් ද ඒ අතර වනවා.
ගංජා කිලෝග්‍රෑම් 57යි සහ ගංජා පැල 31,168ක් ද අත්අඩංගුවට ගැණුනා.
හෂීෂ් ග්‍රෑම් 1ක්, මාවා ග්‍රෑම් 147ක් , තූල් ග්‍රෑම් 14ක් , මත් පෙති 234ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඈෂ් ග්‍රෑම් 1ක් , මදන මෝදක ගුලි 629ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
The post යුක්තිය මෙහෙයුමෙන් තවත් 999ක් අත්අඩංගුවට appeared first on ITN News.