2023-2025 ජාතික ක්රියාකාරී සැලැස්ම පෙබරවාරි මාසයේදී අමාත්ය මණ්ඩල අනුමැතියට

- itnnews.lk

ශ්‍රී ලංකාවේ 3 වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023-2025) නිර්මාණය කිරීම සඳහා වන පළමු බහු-පාර්ශවීය වැඩමුළුව කොළඹ රේණුකා හෝටලයේදී ඊයේ (10) පැවැත්වුණා.

දේශපාලන අභියෝග, කොවිඩ් හා ආර්ථික අර්බූද හමුවේ 2019 වසරේ දී ඇනහිටි මෙම ක්‍රියාවලිය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය සහ සිවිල් සංවිධාන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හා සර්වෝදය එක්ව නැවත ආරම්භ කරනු ලැබුවා.

“විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය” යනු රජයන්, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගීත්වය, වගවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුල පිරීමක්.

2011 වර්ෂයේ ආරම්භ කරන ලද විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් 75ක් මෙන්ම ප්‍රාදේශීය පාලන 104 ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් සම්බන්ධ වී කටයුතු කරයි.

විවෘත, සහයෝගීතාවයෙන් යුතු සහ ප්‍රතිචාරශීලී රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාව වෙත අවස්ථාව ලබා දෙමින් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ක්‍රියාකාරී සැලැස්මෙ හි සම-නිර්මාණකරුවකු ලෙස සිය වටිනා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට මෙමඟින් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත අවස්ථාව ලබා දෙනු ලැබුවා.

ඒ අනුව ජනාධිපති කාර්යාලය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ලද මහජන සමීක්ෂණයෙන් රැස්කරගත් මහජන අදහස් හා යෝජනා මෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සහ සර්වෝදය යන ආයතන විසින් සිවිල් සංවිධාන සමඟ සිදුකරන ලද සාකච්ඡා වල දී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ද පදනම් කරගනිමින් මෙම වැඩමුළුව සංවිධානය කෙරුණා.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ හර සංකල්ප වන සහභාගීත්වය සහ සම-නිර්මාණය අනුව යමින් 3 වන ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි අන්තර්ගත විය යුතු බැඳීම් සහ කැපවීම් හඳුනා ගැනීම මෙහිදී සිදුවුණා.

එහිදී ප්‍රමුඛ ක්ෂේත්‍ර ලෙස අල්ලස සහ දූෂණය පිටු දැකීම, මහජන සේවාවන් සැපයිම වැඩිදියුණු කිරීම, පොදු සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, ව්‍යාපෘති ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ විවිධ ප්‍රජාවන් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ ජාතික කේන්ද්‍රීය නිලධාරී, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කර සිටියේ මෙම වැඩමුළුවේ දී මතු වූ අදහස් වැඩිදුරටත් විශ්ලේෂණය කර නිශ්චය කිරීම සඳහා රජය සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡා මාලාවක් ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනුව සම්පාදනය කරගන්නා විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ 3වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද චන්දිමා වික්‍රමසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

පවත්නා ක්‍රමවේදයන්හි විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමේ පියවර, සාර්ව දේශපාලන හා ආර්ථික සහ තිරසරභාවය වැඩිදියුණු කිරීමේ පියවර මෙන්ම ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා වන පියවර මෙම වාර්තාවට ඇතුළත් වේ.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ ජාතික කේන්ද්‍රීය ආයතනය (National Focal point) ලෙස කටයුතු කරන ජනාධිපති කාර්යාලය ප්‍රමුඛ රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් 110කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වුණා.

The post 2023-2025 ජාතික ක්රියාකාරී සැලැස්ම පෙබරවාරි මාසයේදී අමාත්ය මණ්ඩල අනුමැතියට appeared first on ITN News.

You may also like

- colombogazette.com

The Catholic Church accused former President Maithripala Sirisena of being politically bankrupt. National Catholic Mass Communications Director, Rev. Fr. Jude Krishantha said that Sirisena was making false allegations to coverup his own political bankruptcy. Sirisena had earlier alleged that financial aid received to assist the victims of the Easter Sunday attacks had not been utilised […]

- colombogazette.com

Families who lost their homes during the recent extreme weather are to be provided compensation, Senior Advisor to the President on National Security and Chief of Staff to the President Sagala Ratnayaka said. He said President Ranil Wickremesinghe has directed the authorities take the necessary measures to either rebuild or provide compensation, subject to a maximum […]

- island.lk

Fuel Commission Scam By Shamindra Ferdinando A group of Ceylon Petroleum Corporation (CPC) officials, responsible for causing loss of nearly 3.5 billion rupees, had left the country over the past several years and successive Ministers had failed to take action against any one of them, the Committee of Public Enterprises (COPE) was told recently. The […]

- island.lk

Fisheries Minister Douglas Devananda has declared in Jaffna that the Tamil community shouldn’t field a candidate at the forthcoming presidential election. Devananda, who is also the leader of the Eelam People’s Democratic Party, while reiterating his support for incumbent President Ranil Wickremesinghe’s candidature at the Presidential Poll, said that the Tamil leaders should accept re...

- island.lk

Auditor General W. P. C. Wickremaratne yesterday told The Island that the continuing controversy over payment of undue commissions to dealers highlighted the failure on the part of successive administrations to address such serious issues. Asked whether the excess payments had been stopped after he brought the corrupt practice to the notice of the Parliament […]

- island.lk

Four members of the UK’s richest family have received prison sentences for exploiting staff brought over from India to work at their Geneva villa. Prakash and Kamal Hinduja, as well as their son Ajay and his wife Namrata, were found guilty of exploitation and illegal employment by a Swiss court and handed sentences ranging from […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc