ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු වර්ධනයක්
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පසුගිය වසරේ දෙසැම්බර් 04 වනදා දියත් කළ “Sri Lanka – You’ll come back for more” වැඩපිළිවෙළ හරහා සංචාරකයන්ගේ පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබා දෙන කර්මාන්ත අතර පෙරමුණේ පසුවන සංචාරක කර්මාන්තය 2024 වසර ආරම්භයේ දීම සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබීම සතුටට කරුණක්.
2024 ජනවාරි 01 සිට 07 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 45,303කි.
එම සංඛ්‍යාව සැකසී ඇත්තේ ජනවාරි 01 – 5,912, ජනවාරි 02 – 6,204, ජනවාරි 03 – 7,251, ජනවාරි 04 – 6,253, ජනවාරි 05 – 6,833, ජනවාරි 06 – 6,834, ජනවාරි 07 – 6,016 ක් ලෙසයි.
2023 වසරේ ජනවාරි පළමු දින 7තුළ දිවයිනට පැමිණ තිබුණේ සංචාරකයන් 20,876 දෙනෙකු පමණි.
ඒ අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් සතියේ සංචාරක ආකර්ෂණය දෙගුණයකටත් වඩා වැඩි අගයක් වාර්තා කිරීමට හැකිව තිබෙනවා.
ඉන් වැඩිම සංචාරක සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛයාව 8,208කි.
ඊට අමතරව ඉන්දියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, පෝලන්තය, නෙදර්ලන්තය, අමරිකා එක්සත් ජනපදය යන රටවලින් ද ජනවාරි මුල් සතිය තුළ සංචාරකයන් දිවයිනට පැමිණ තිබෙනවා.
The post ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු වර්ධනයක් appeared first on ITN News.