'අවුරුදු 67යි. ඇස් දෙකම පේන්නේ නෑ. මම පොල් කඩනවා'
''ගස් යන වැඩෙත් දැන් එච්චර කරන්න බෑ. දනිස් කැක්කුම් හැදෙනවා. බෙහෙත් තෙල් ගාගෙන ජීවත් වෙන්නේ. අතපය තුවාල වෙලා. ඒත් කාටවත් අතපාන්න බැරි නිසා මම මේක කරගෙන යනවා. මම තරුණ පරපුරටත් කියන්නේ නිකරුනේ කාලය ගත නොකර මොනවාහරි දෙයක් කරන්න'' යනුවෙන් ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.