ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට
මන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුහුදු සීමාවේ සෝදිසි මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්ෂණය වී මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබෙනවා.
අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 18 දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා තලෙයිමන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබුවා.
The post ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.