ශ්රී පාද වන්දනාවේ පැමිණි රියදුරු සන්තකයේ තිබී ව්යාජ නොට්ටු හමු වෙයි
ශ්‍රී පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන වෑන් රථයකින් පැමිණි රියදුරෙකු සන්තකයේ ව්‍යාජ මුදල් නොට්ටු කිහිපයක් තිබි හමු වු බවත්, සැකකරු ඊයේ දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා ප්‍රකාශ කරනවා.
සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවු 45 හැවිරිදි අයෙකු බවත්, ඔහු වෑන් රථයක රියදුරෙකු වශයෙන් සේවය කරන අයෙකු බවයි නල්ලතන්නිය පොලීසිය කියා සිටියේ.
සැකකරු මැදමුලන ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් සමඟ නල්ලතන්නිය ප්‍රදේශයට පැමිණ වන්දනා නඩය ශ්‍රී පාද මළුව කරා යාමෙන් පසු සැකකරු සැකකටයුතු ලෙස නල්ලතන්නිය නගරයේ සැරිසරන අවස්තාවේ වෙලඳසැල් හිමියෙකු විසින් සැකකරු සම්බන්ධයෙන් ලබා දුන් තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු නල්ලතන්නිය පොලීසියේ නිලධාරින් රියදුරා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී සැකකරුගේ මුදල් පසුම්බියේ තිබි රු දහසේ ව්‍යාජ නොට්ටු 11 ක් සහ පන්සියේ ව්‍යාජ නොට්ටුවක් සොයා ගත් බවයි පොලීසිය කියා සිටියේ.
වෑන් රථයෙන් කුලි පදනම මත පිරිසක් ප්‍රවාහනය කල අවස්තාවේ තම වෑන් රථයේ ගමන් ගත් පිරිස විසින් එම මුදල් නොට්ටු තමන්ට ලබා දුන් බවත්, එම මුදල් ව්‍යාජ නොට්ටු බව තමන් නොදන්නා බව රියදුරා විසින් පොලීසියට ප්‍රකාශ කල බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
The post ශ්රී පාද වන්දනාවේ පැමිණි රියදුරු සන්තකයේ තිබී ව්යාජ නොට්ටු හමු වෙයි appeared first on ITN News.