ජාත්යන්තර සමුළු දෙකක් ඇමතීමට ජනපති උගන්ඩාවට
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන්නේ උගන්ඩා ජනාධිපති යොවේරි මුසේවිනි මහතාගේ ආරාධනයකට අනුවයි.
නොබැඳී ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සමුළුව සහ ජී 77 හා චීනය තුන්වෙනි දකුණු සමුළුව උගන්ඩාවේ කම්පාලා අගනුවරදී පැවැත්වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළු දෙකම ඇමතීමට නියමිතයි.
නොබැඳී ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සමුළුව හෙට සහ අනිද්දා දිනවල පැවැත්වෙනවා.
එහි මෙවර තේමාව හවුල් ගෝලීය සමෘද්ධිය සදහා සහයෝගීතාව පුළුල් කර ගැනීම යන්නයි.
නොබැඳි ජාතීන්ගේ සංවිධානය සාමාජික රටවල් 120කින් සමන්විත වනවා.
ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව 1976 සිට 1979 දක්වා එහි සභාපතීත්වය දැරුවා.
1976 වසරේ දී නොබැඳී ජාතීන්ගේ පස්වන රාජ්‍ය නායක සමුළුවට සත්කාරකත්වය ලබාදුන්නේ ද ශ්‍රී ලංකාවයි.
ජී 77 සහ චීනය තුන්වැනි දකුණු සමුළුව පැවැත්වෙන්නේ ජනවාරි 21 ක් වනදා සිට 22 වනදා දක්වායි.
කිසිවෙකු අත්නොහරිමු යන්න එහි මෙවර තේමාවයි.
සාමාජික රටවල් 134කින් සමන්විත මෙම සංවිධානය රටවල් අතර ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වෙනවා.
ජගත් සංවිධානයේ සාමාජිකත්වය දරණ සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය මෙයයි.
මෙම සමුළු දෙක අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වන රාජ්‍ය නායකයන් හා නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්විමට ද නියමිතව තිබෙනවා.
The post ජාත්යන්තර සමුළු දෙකක් ඇමතීමට ජනපති උගන්ඩාවට appeared first on ITN News.