මෙම වසරේ පළමු “සුව උදාන” ජංගම සෞඛ්ය සායනය හෙට ගාල්ල ඇත්කඳුර සීවලී විද්යාලයේ දී
මෙම වසරේ පළමු “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන හෙට (20) ගාල්ල ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ දී (වැලිවිටිය දිවිතුර) පැවැත්වීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම, කල්තියා රෝග හදුනා ගැනිම සහ ප්‍රතිකාර සේවාවන් සදහා යොමු කිරිම අරමුණූ කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් හෙට (20) ගාල්ල ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ දී (වැලිවිටිය දිවිතුර) පැවැත් වීමට නියමිතයි.
2024 වසරේ පළමු ජංගම සෞඛ්‍ය වැඩසටහන වන මෙහි සමාරම්භය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත අතර, ජංගම සෞඛ්‍ය වැඩසහන හෙට (20) දිනය පුරා පැවැත්වේ.
විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායානාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද දිනය පුරා සිදු කෙරේ.
The post මෙම වසරේ පළමු “සුව උදාන” ජංගම සෞඛ්ය සායනය හෙට ගාල්ල ඇත්කඳුර සීවලී විද්යාලයේ දී appeared first on ITN News.