මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ආංශීක අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.
මේ සඳහා අනුමතිය හිමි වූයේ මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ලලිත් වර්ණකුමාර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මේ අනුව අද (23) මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම රැස්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු සම්බන්ධ වූහ.
එසේම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, ජගත් සමරවික්‍රම සහ ගරු එස්. එම්. එම්. මුෂාරෆ් යන මහත්වරු සහභාගී විය.
එසේම කාරක සභාවේ සභාපතිවරයාගේ අනුමතිය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුද සහභාගී වූහ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කාරුණු සංශෝධන විය යුතු බවත් කමිටුවට පෙන්වා දුන්නේය.
මේ නිසා මෙම පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත නොකොට තවදුරටත් කාලය ලබාගැනීම වැදගත් බව ඔවුහු පෙන්වා දුන්හ.
මේ අනුව මෙම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම සිදු කරන බව කාරක සභාවේ සභාපතිවරයා විසින් මෙහිදී සඳහන් කරන ලදි.
The post මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ආංශීක අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය appeared first on ITN News.