පාර්ලිමේන්තුව අද රැස් වේ – ‘ඔන්ලයින්’ කෙටුම්පත පිළිබඳ විවාදය අද සහ හෙට

- itnnews.lk

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (23) සහ (24) හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

අද පෙ.ව 9.30 ට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ආරම්භකිරීමට නියමිත අතර එය ප.ව 5.00 දක්වා පැවැත්වේ.

අනතුරුව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනෙන ලද ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මෙම සතියේදී පැවැත්වීමට පසුගිය සතියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

ඒ අනුව මෙම විවාදය අද සහ හෙට පැවැත්වේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරුණා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලැසීම, තහනම් කාර්ය සඳහා මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා සහ ප්‍රකාශයට පත්කිරීම සඳහා විධි විධාන සැලැස්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඬ පැවැත්වීම යන කරුණු වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත ගෙන ඒම සිදු වේ.

එමෙන්ම අසත්‍ය (false) තර්ජනාත්මක (threatening) බියගන්වනසුලු (alarming) පීඩාකාරී (distressing) ප්‍රකාශ සන්නිවේදනය කිරීම මඟින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වා‍ගෙන යාමට අගතිගාමී වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීම වැළැක්වීම, ‍ කෙටුම්පත යට‍ෙත් වූ වැරදි සිදු කිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ කබාට් (bots) අවභාවිත කිරීම (misuse) හඳුනාගැනීම, වැළැක්වීම සහ එයට එ‍ෙරහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වා දීම, එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට ‍ෙවනත් ආධාර ලබා දීම වැළැක්වීමත් මෙම පනත් කෙටුම්පතේ අරමුණු බව පනත් කෙටුම්පතෙහි සඳහන් වේ.

ඒ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කිරීමට නියමිත මාර්ගගත සුරක්ෂිතතාව පනත් කෙටුම්පත පිළිබඳ Research Lanka ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.

මාර්ගගත සුරක්ෂිතතාව (Online Safety) පනත දැනුම්වත්ද යන්න පිළිබඳව 75%ක පිරිසක් ඔව් යනුවෙන්ද 23.3%ක පිරිසක් නැත ලෙසද ප්‍රතිචාර දක්වා ඇත.

මෙවැනි පනතක් මේ මොහොතේ ගෙන එන්නේ කුමන අරමුණකින්ද යන්න විමසීමේදී විරුද්ධවාදීන් මර්දනය කිරීම බවට 62.7%ක් ද සද්භාවයෙන් යුක්තව සිදුකරනු ලබන ක්‍රියාදාමයක් බවට 23.7%ක් ද සාධාරණ සමාජ මාධ්‍ය නියාමනයක් වෙනුවෙන්.10.2%ක් ද වශයෙන් පිළිතුරු සපයා ඇත.

මෙම පනත හරහා සමාජ මාධ්‍ය නියාමනයක් සිදුවේ යැයි ඔබ විශ්වාස කරන්නේද යන්නට ඔව් ලෙස 45%ක් සහ නැත වශයෙන් 53.3%ක් ප්‍රතිචාර දක්වා ඇත.

රට තුළ සමාජ මාධ්‍ය නියාමනයක් සිදු කළ යුතු බව පිළිගන්නා ප්‍රමාණය 76.7%කි. පිළිනොගන්නා ප්‍රමාණය 21.7%කි ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලවලට නව පනත හරහා බලපෑමක් එල්ල වෙයි යනුවෙන් 75%ක පිරිස විශ්වාස කරන අතර එසේ නොවන බවට 23.3%ක් ප්‍රතිචාර දක්වා තිබේ.

මෙම පනත 23, 24 පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කිරීමට ඔබ එකඟද යනුවෙන් විමසීමේදී ඔව් ලෙස 26.2%ක් ද නැත ලෙස 72.1%ක් ද මෙහි දැක්වේ.

 

The post පාර්ලිමේන්තුව අද රැස් වේ – ‘ඔන්ලයින්’ කෙටුම්පත පිළිබඳ විවාදය අද සහ හෙට appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

- colombotelegraph.com

[…]The post Debate Between Presidential Candidates First: A Point Of View  appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Mini Cooperation Afloat Readiness and Training (CARAT) bilateral exercise 2024 between the United States Pacific Fleet and the Sri Lanka Navy came to a successful end on Friday (26).

- island.lk

In the thick of T20 season, in a time of strategic timeouts and blink-and-miss-it innings breaks, the languorous pace of Test cricket punctuated by leisurely tea breaks feels like a distant memory. We throw back to the days before nutrition bars and protein shakes, when tea was a full silver service onfield, when rickety trollies […]

- island.lk

President Ranil Wickremesinghe joined the ‘Wasath Siriya 2024’ Sinhala and Tamil New Year celebration which commenced at the Shangri-La green grounds in Colombo this morning. The celebration saw the participation of a large number of locals and foreigners in the numerous competitions being conducted. In the 2024 Wasath Siriya Marathon for Men, Sri Lanka Army’s […]

- onlanka.com

The Sri Lankan Rupee (LKR) has appreciated against the US dollar (USD) today (April 27), according to the Central Bank of Sri Lanka (CBSL).The post Sri Lankan Rupee appreciated against U.S. Dollar on April 27, 2024 appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc