CCTV මෙහෙයුමෙන් පුද්ගලයින් 125කට අවවාද
ඊයේ දිනය තුළ කොළඹ අවට සීසීටීවී දර්ශන මගින් නිරීක්ෂණය කරන ලද රථවාහන වැරදි 125ක් සම්බන්ධයෙන් අවවාද කර තිබෙනවා.
සීසීටීවී කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ ආරම්භ කෙරුණා.
ඒ අනුව ඊයේ දිනය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සීසීටීවී දර්ශන මගින් රථවාහන වැරදි 125ක් හදුනාගෙන තිබෙනවා.
මූලික පියවරක් ලෙස එම රථවාහන වල හිමිකරුවන් වෙත අවවාද කිරීමට පියවර ගත් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
තීරු මාරුකර ධාවනය සහ නැවතුම් රේඛාවේ නතර නොකර ධාවනය කිරීම මෙම රථවාහන වැරදි අතර ප්‍රධාන තැනක් ගන්නා බවද පොලිස් මූලස්ථානය පවසනවා.
The post CCTV මෙහෙයුමෙන් පුද්ගලයින් 125කට අවවාද appeared first on ITN News.