අනුරාධපුර බන්ධනාගාරයෙහි රැඳවියකුට කිඹුල් ප්රහාරයක්
අනුරාධපුර බන්ධනාගාරයෙහි එළිමහන් සිර කඳවුරෙහි සිටි රැඳවියකු බන්ධනාගාර වගා භූමියෙහි සිටින අවස්ථාවෙහි එහි රැඳී සිටි කිඹුලෙකුගේ පහර කෑමට ලක්ව තිබෙනවා.
පසුව එම ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් සමග ඔහු බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එම රැඳවියාගේ ගෙල,අත හා පාදයට තුවාල සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
බන්ධනාගාරය ආසන්නයෙන් ගලා බසින මල්වතු ඔයෙහි සිටින කිඹුලකු මෙසේ බන්ධනාගාර භූමියට පැමිණ සිටි ඇති අතර එහි සිටින කිඹුලන් නිසා මල්වතු ඔය දෙපස සිටින ජනයාගේ ජීවිත වලටද දැඩි අවදානමක් පවතින බවට ගම්වාසීන් පවසනවා
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මල්වතු ඔයෙහි බෝට්ටු සේවාවක්ද ආරම්භ කර ඇති අතර ඒ සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ජීවිත ද ඉතා අවදානමකට ලක් වීමට ඉඩකඩ ඇති බව ගම්වාසීන් පවසන්නේ
The post අනුරාධපුර බන්ධනාගාරයෙහි රැඳවියකුට කිඹුල් ප්රහාරයක් appeared first on ITN News.