නුවරඑළියේ ගොවිපොළවලින් ඉහළ කැරට් අස්වැන්නක් – මිල පහළ යයිද?
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළියේ පිහිටි බෝපත්තලාව හා මැණික්පාළම ගොවිපොළවල වගා කළ කැරට්, ගෝවා සහ රාබු වගාව මේ වනවිට ඉතාමත් සරුවට වැවී ඇති බව එම මණ්ඩලයේ නිලධාරින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවලට අයත් ඉඩම්වල එළවළු වගා කරන ලෙස අමාත්‍යවරයා දී තිබු උපදෙස් අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නුවරඑළිය බෝපත්තලාව හා මැණික්පාළම ගොවිපොළවල අක්කර 25ක කැරට් හා ගෝවා වගා කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට එහි අස්වනු නෙළන අතර එම ගොවිපොළ දෙකෙන් ඉහළ අස්වැන්නක් ලැබෙන බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසනවා
The post නුවරඑළියේ ගොවිපොළවලින් ඉහළ කැරට් අස්වැන්නක් – මිල පහළ යයිද? appeared first on ITN News.