ඓතිහාසික සෝමාවතිය පුද බිමේ පිංකම් මාලාවක්
ජනපතිට , රටට,ජාතියට ආශිර්වාද පතා ඓතිහාසික සෝමාවතිය පුද බිමේ දී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මෙහෙයවීමෙන් ආශිර්වාද පිංකම් මාලාවක් ඓතිහාසික පොලොන්නරුව සෝමාවති පුදබිමේ දී අද පැවැත්වුණා.
උදෑසන කප්රුක් පුජාව ව්‍යංජන 32කින් සමන්විත දහවල් සම්බුද්ධ පුජාව ඇතුලු පුජාවන් රැසක් මෙහිදි සිදුකරනු ලැබුවා.
මෙම පිංකම සදහා ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරාධිපති පුජ්‍ය පහමුනේ සුමංගල ස්වාමින් වහන්සේ , එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම පිංකමට සහභාගි වී සිටියා.
The post ඓතිහාසික සෝමාවතිය පුද බිමේ පිංකම් මාලාවක් appeared first on ITN News.