2023 අපනයන ආදායම ඩොලර් බිලියන 14.94යි
2023 වසරේ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
එසේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 947.5 ක්.
එය පසුගිය වසරේ උපයාගත් ආදායම් ප්‍රමාණයට වඩා අමෙරිකානු ඩොලර් බිලියන 3.08කින් ඉහළ යාමක්.
වාර්තාවට අනුව, 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 3,080.9 ක්.
එය 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා 63.1% කින් වැඩි වූ අතර, 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සමුච්චිත වෙළෙඳ භාණ්ඩ අපනයනය 9.54% කින් අඩු වී තිබෙනවා.
The post 2023 අපනයන ආදායම ඩොලර් බිලියන 14.94යි appeared first on ITN News.