Made In Sri Lanka සන්නාම ලාංඡන ප්රදානය හා උපාධිධාරී ව්යවසායක උදානය දෙවන අදියර ක්රියාත්මක කෙරේ
මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාම ලාංඡන ප්රදානය හා ව්‍යවසායක උදානය දෙවන අදියර ඊයේ කොළඹ දී පැවැත්වුණා.
ඒ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන්.
කර්මාන්ත අමාත්‍යංශය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව සංවිධාන කරන මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාම ලාංඡන ප්රදානය හා උපාධිධාරී ව්යවසායක උදානය දෙවන අදියර ඊයේ පැවැත්වුණා.
මේඩ් ඉන් ශ්‍රී ලංකා සංකල්පයට සමගාමීව මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාම ලාංඡනය අනුමත නිෂ්පාදන සදහා වසර දෙකක කාලසීමාවක් සදහා භාවිත කිරීමේ අයිතිය තෝරාගත් ව්‍යවසායන් 24ක් සදහා ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරුණා.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post Made In Sri Lanka සන්නාම ලාංඡන ප්රදානය හා උපාධිධාරී ව්යවසායක උදානය දෙවන අදියර ක්රියාත්මක කෙරේ appeared first on ITN News.