නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් අවට පිහිටි වෙළඳසැල් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක්
නුවරඑළිය නගර සභා සීමාවේ පිහිටි පාසල් ආසන්නයේ පිහිටි සියළු වෙලඳසැල් නුවරඑලිය පොලීසිය විසින් අද දින හදිසි පරීක්ෂාවකට ලක් කෙරිණ.
දිවයින පුරා ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුමට සමගාමීව පාසල් දරුවන් මත් උවදුරෙන් මුදවා ගැනීමේ අරමුණින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කෙරිණ.
නව පාසල් වාරය ආරම්භයට ප්‍රථම පාසල් දරුවන් මත් උවදුරෙන් බේරා ගැනීම සඳහා පාසල් අවට පිහිටි වෙළෙඳසැල්වලින් නුවරඑලිය පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේද සහය ඇතිව හදිසි පරීක්ෂාවට ලක් කල බවයි නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුම නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ හා නියෝජ්‍ය ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන් ජයන්සුදර මහතාගේ මග පෙන්වීම යටතේ සිදු කෙරිණ.
The post නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් අවට පිහිටි වෙළඳසැල් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් appeared first on ITN News.