'මගේ ජීවිතයේ හැමදේම පටන් ගත්තේ මට ඇස් පේන්නේ නැතුව ගියාට පස්සේ'
''මගේ ජීවිතයේ හැමදේම පටන් ගත්තේ මට ඇස් පේන්නේ නැතුව ගියාට පස්සේ. මට පේන කාලේ මම මුහුදේ පීනලා නෑ. බොක්සිං හෝ ක්රිකට් මට පෙන කාලේ කරලා නෑ. මම මේ සැරේ සිව්වැනි දකුණු ආසියානු තරගයෙන් බොක්සිං ක්රීඩාවෙන් රන් පදක්කමක් ගත්තා. මම අලුත් අභියෝග ජයගන්න කැමතියි. මට ඕනා මගේ ලිමිට් එක හොයන එක'' යනුවෙන් කාලිඩ් ඔස්මන් BBC සිංහල සේවයට පැවසුවේය.