නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල  පුද්ගලික අංශයට පැවරීමට මෙතෙක් තීරණය කර නැහැ – නීතිපති අභියාච...

- itnnews.lk

ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල  පුද්ගලික අංශයට පැවරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද අභියාචනධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල  පුද්ගලික අංශයට පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර්  ජනරාල් විකුම් ද ආබෲ මහතා මෙම දැනුම්දීම සිදු කළා.
මෙම පෙත්සම අද එස්.යූ.බී කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උචිත. එස්. බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටුවේදී ද සාකච්ඡාවට ලක්වී ඇති බවත් ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බවත් කියා සිටියා.
එබැවින් මෙම තැපැල් කාර්යාලය ඕනෑම මොහොතක පෞද්ගලික අංශයට පැවරීමේ අවධානමක් මතුව තිබෙන බවත් නීතිඥවරයා අනතුරු අඟවා සිටියා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර්  ජෙනරාල් විකුම් ද ආබෲ මහතා සඳහන් කළේ අදාළ තැපැල් කාර්යාලය පෞද්ගලික අංශයට පැවරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබෙන නුවරඑළිය නගරාධිපතිවරයා සහ නුවරඑළිය නාගරික කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම  පිළිගත් අධිකරණය අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මාස 6 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ  සමාජ ක්‍රියාකාරිකයකු වන නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි කහදගමගේ පියසේන මහතා විසින්.
එහි වග උත්තරකරුවන් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු,  තැපැල්පති, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක නාගරික සංවර්ධන අධිකාරිය සහ එහි නිලධාරීන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඉදි කෙරුණු නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලෝප්‍රකට සංචාරක ස්මාරකයක් වශයෙන් ප්‍රචලිතව පවතින බවයි.
මෙම ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයකු වෙත  පැවරීමේ සූදානමක් පවතින බවට තොරතුරු හෙළි වී තිබෙන බවද පෙත්සමේ සඳහන් වෙනවා.
මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නුවරඑලිය ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ගේ දැඩි අවධානයට පාත්‍ර වූ ස්ථානයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු  එය වෙනත් කටයුත්තක් සඳහා පැවරීම තුළින්  පූංචි එංගලන්තය ලෙස ප්‍රකට නුවරඑළියේ අනන්‍යතාවය වග උත්තරකරුවන් විසින් අත්තනෝමතික ලෙස පැහැර ගැනීමක් සිදුකරන බවත් චෝදනා කර තිබෙනවා.
අදාල තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 2007 වසරේ පෙබරවාරි මස 23 වන දා පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා පනත යටතේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.
ඒ අනුව පුරාවිද්‍යා වටිනාකමක් සහිත මෙම ස්ථානය වෙනත් ක්‍රියාවක් සඳහා යෙදවීමට පුරාවිද්‍යා පනත යටතේ හැකියාවක් නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
ඒ අනුව ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනත් ක්‍රියාවක් සඳහා යෙදවීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වගඋත්තර කරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එසේම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා පනත යටතේ සංරක්ෂණය කර කර තිබෙන මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල  සුරක්ෂිත කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අයැද තිබෙනවා.

The post නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල  පුද්ගලික අංශයට පැවරීමට මෙතෙක් තීරණය කර නැහැ – නීතිපති අභියාචනාධීකරණයට කියයි appeared first on ITN News.

You may also like

- island.lk

The Sri Lanka Army in a media release has announced that 15667 Army personnel who have been absent without leave (AWOL)  since 31 December 2023 have been temporally discharged from their Regimental Centers during the one month General Amnesty which was effective from 20th April to 20th May 2024 In reply to an inquiry made […]

- onlanka.com

Sri Lankan Foreign Minister Ali Sabry reiterated his country's dedication to safeguarding India's national security interests on Monday. Speaking to ANI, Sabry emphasized that Sri Lanka, as a responsible neighbour, would not permit any actions that could jeopardize India's security.The post Sri Lanka promises to protect India’s security amid Chinese ship visits appeared first on Sri Lanka Ne...

- adaderana.lk

The player auction of the Lanka Premier League 2024 commenced at the Hilton Hotel in Colombo, a short while ago.

- adaderana.lk

Former State Minister Diana Gamage has been released on bail after appearing before the Colombo Magistrate s Court over allegedly obtaining a passport by producing false information.

- adaderana.lk

A total of 15,667 personnel of the Sri Lanka Army who had been absent without leave (AWOL), including 373 currently overseas, have been legally discharged from service under the common amnesty, the Sri Lanka Army announced.

- adaderana.lk

The Irrigation Department has issued Amber flood warnings for low-lying areas of the Attanagalu Oya river basin and the Kuda Ganga sub basin of Kalu River, effective until 9.00 p.m. tomorrow (22).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc