How can Sri Lankan charities find international donors and partners?

නාවල – අංගම්පිටිය පාලමේ ඉදිකිරීම් මාස හයක් තුළ අවසන් කරනවා – ඇමති බන්දුල

- itnnews.lk

බත්තරමුල්ල පිටකෝට්ටේ මාර්ගය සහ නාවල – රාජගිරිය සම්බන්ධ කරමින් නාවල රාජගිරිය ඇල හරහා ඉදිකෙරෙන නාවල – අංගම්පිටිය පාලමේ මේ වන විට ඇනහිට පවතින ඉදිකිරීම් අවසන් කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් කෝටි අනූවක මුදලක් වෙන්කර තිබෙනවා.

ඒ අනුව පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීම නිරීක්ෂණය සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පාලමේ ඉදිකිරීම් සිදුකෙරෙන පරිශ්‍රයේ නිරීක්ෂණයකට එක්වුණා.

මීටර් 700ක දිගින් යුතු මෙම පාලමේ පළල මීටර් 10.4 ක්.

එහි ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු ගත සමස්ත පිරිවැය රුපියල් කෝටි 260ක් වේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ,මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කරන්නේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවයි.

ඉදිකිරීම් ආරම්භ කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“කෝට්ටේ ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සකස් කරන ලද සැලසුමකට අනුව පරිසර හිතකාමී ආකාරයෙන් පරිසර සංවේදී කලාපයක් වන මෙම ස්ථානයේ කුළුණු මත ඉදිවන පාලමක් වශයෙන් මෙම පාලම ඉදිකිරීම ආරම්භ කරනු ලැබුවා.

කෝටි 170ක් පමණ මුදලක් වැය කර ඉදිකිරීම් සිදුකරගෙන යන අතරතුර රට මුහුණ දුන් කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ මෙම ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර වුණා.

විෂය භාර අමාත්‍යවරයා ලෙස අවස්ථා කිහිපයකදී මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා වෙත විශේෂ කරුණු දැක්වීමක් සිදුකර මෙම ව්‍යාපෘතියේ අවසන් අදියරේ පවතින කටයුතු නිමාවට පත් නොකිරීම විශාල අපරාධයක් බව පෙන්වා දුන්නා.

අති විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රටක් වශයෙන් රට එදිනෙදා පවත්වාගෙන යා හැකි මට්ටමේ ආදායමක් මෙතෙක් පැවති කිසිදු රජයකට ලැබී නැහැ.

එම නිසාම දීර්ඝ කාලයක් තිස්සේ පුනරාවර්තන වියදම පියවා ගත නොහැකි රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

නිදහසින් පසු මේ දක්වා රජයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවති තිබෙන්නේ වසර හයක් පමණයි.

එම නිසා රටේ සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම සිදුකර තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්.

මේ පිළිබඳ නිසි සංඛ්‍යා ලේඛන රටේ බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන කිසිවෙකුත් ජනතාවට ප්‍රකාශ කරන්නේ නැහැ.

ඊට හේතුව ජනතාවට සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින් කිසිවෙකුටත් රජයක් පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති වීමයි.

මේ ප්‍රායෝගික යථාර්ථයට රට මුහුණ දිය යුතුයි.

රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප් ගෙවිය යුතුයි. විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවිය යුතුයි.

දිළිඳු ජන කොටස් වලට ලබාදෙන සහනාධාර ලබාදිය යුතුයි. අබලන් තත්ත්වයට පත්වුණ මාර්ග, පාලම් ප්‍රතිසංස්කරණය කළ යුතුයි.

මේ සියලු කටයුතු සඳහා ණය ලබා ගැනීමට සිදුවනවා.

නමුත් මේ වන විට රට පත්ව ඇත්තේ ලබාගත් ණය නොගෙවීම මත කිසිදු විදේශ ණය ආධාරයක් ලබාගත නොහැකි තත්ත්වයකටයි.

මේ හේතුවෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය, මුදල් අමාත්‍යංශය,විදේශීය විශේෂඥයින් එක්ව ක්‍රියාත්මක කළ ණය ආපසු ගෙවීම සඳහා අදාල රටවල් සහ සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ එකඟතාවයන් වලට එළැඹීමේ වැඩපිළිවෙළ අවසන් අදියරට පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව නතර වී තිබුණු සංවර්ධනය නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා.

මෙම වසර තුළ නිම කළ කටයුත්තක් වශයෙන් මෙම පාලමේ ඉඳිකිරීම් අවසන් කිරීමට රු.කෝටි අනූවක මුදලක් මෙවර අයවැයෙන් ජනාධිපතිතුමා විසින් අනුමත කරදී තිබෙනවා.

ඒ අනුව මේ මෙම පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් මෙලෙස ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

අඩකටත් වඩා ඉදිකිරීම් අවසන් කර,අතරමග නතර වී තිබුණු මෙම පාලමේ ඉදිකිරීම් අවසන් කිරීමට මහජනයා විසින් ගෙවිය යුතු මුදලින් රුපියල් කෝටි අනූවක් වෙන්කර දීම තුළින් එළඹෙන ජූලි මාසය අවසන් වන විට මෙම පාලම පොදු ජන අයිතියට පත් කිරීමට කටයුතු කරනවා.

ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය සහ දායකත්වය අඛණ්ඩව අවශ්‍ය වනවා.”

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝට්ටේ සංවර්ධන කමිටු සභාපති නීතිඥ මධුර විතානගේ මහතා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික කොමසාරිස් ශාලිකා රණවීර මහත්මිය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

The post නාවල – අංගම්පිටිය පාලමේ ඉදිකිරීම් මාස හයක් තුළ අවසන් කරනවා – ඇමති බන්දුල appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Foreign Debt Restructuring: Too Late & Too Short To Get Out Of The Debt Trap appeared first on Colombo Telegraph.

- island.lk

Madhavi Prarthana Jayalath from Maradankadawala, Anuradhapura and H.D. Miyuranga were crowned New Year Princess and Prince at the ‘ Wasath Siriya 2024’ Sinhala and Tamil New Year celebrations organised by the welfare association of the Presidential Secretariat  and held at the Shangri-La Green on Sunday (27) K.P. Ayesha Jayasundara from Kurunegala and  Prabhani Edirisinghe from […...

- island.lk

Royal Challengers Bengaluru overcame any vulnerabilities against spin in some style against Gujarat Titans, running down a target of 201 with nine wickets in hand and four overs to spare in Ahmedabad. Virat Kohli’s unbeaten 70 off 44 balls – 34 of them against spin – led the charge before a blitz from Will Jacks  […]

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayaka states that opposing political factions might unite in order to ensure that the NPP will not come into power.

- adaderana.lk

An underworld figure from Angoda who was attempting to leave the country using a forged passport has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

- colombotelegraph.com

[…]The post ජාතික අධ්යාපන ප්රතිපත්ති රාමුව; ඉල්ලකය වරදවාගත් අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල: කොටස II appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc