විද්යාව සහ කාන්තාව : 'ලෝකයේ මුහුදු හතම තරණය කළ විද්යාඥවරියක් වීම සතුටක්'
''අසල්වැසි ඉන්දයාවේ කාන්තාවන් පහුගිය අවුරුද්දේ සඳට යානයක් යවපු මෙහෙයුමට දායක වූ හැටි අපි දැක්කා. දැන් ගතානුගතික චින්තනයෙන් බැහැරවෙලා කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතු යුගයක් උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන් විද්යා අධ්යාපනය ලැබීම තුළ දියණිවරුන්ට ගැටලු අවම කරගෙන ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්.'' යනුවෙන් ආචාර්ය ගෝතමී වීරකෝන් BBC සිංහල සේවයට පැවසුවාය.