මාළු මිල පහළට
වෙළදපොලෙහි මත්ස්‍ය මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.
පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණා.
රුපියල් දහසකට අලෙවි වූ මාලු කිලෝග්‍රෑමයක අද මිල රුපියල් 300 ත් 600 ත් අතර පැවති බවයි වෙළදුන් පවසන්නේ.
පරව් සහ ලේන පරව් ආදී මසුන් කිලෝග්‍රෑමයක් රුපියල් 400 ක මුදලකටත් ලින්නා කිලෝග්‍රෑම්යක් රුපියල් 300 ක වැනි මුදලකට අලෙවි වූ බව තොග වෙලදුන් පවසනවා.
දිවයිනේ වැඩි වශයෙන් මත්ස්‍ය සම්පත නෙලාගන්නා ධීවර වරායන් ආශ්‍රීත වෙළදසැල්වල මත්ස්‍ය මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබූ බවයි ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ.
The post මාළු මිල පහළට appeared first on ITN News.