රාජ්ය සේවය: 'ජනතාවගේ වැඩ ඉවරවෙලා ඔවුන්ට නිදහස් වෙලාවක මගෙන් සේවය ලබා ගන්න පුළුවන්'
''මේක බොහොම විශේෂ කාර්යාලයක්. මේකේ වියළි ආහාර බැංකුවක්, පොත් බැංකුවක්, ඖෂධ බැංකුවක් වගේම එළවළු සහ පළතුරු බැංකුවක් තියෙනවා. දුප්පත් අයටම කියලා නෙමෙයි, එදා දවසේ අවශ්යතාවයක් තියෙන ඕන කෙනෙකුට මේකෙන් නොමිලේ තියෙන දෙයක් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම දවස් හතේම ජනතාවට පහසු ඕනෑම වෙලාවක මගෙන් සේවය ලබා ගන්න පුළුවන්.'' යැයි ග්රාම නිලධාරී චන්දික දිනේෂ් BBC සිංහල සේවයට පැවසුවේය.