පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම්ගේ මෝටර් රථය අනතුරකට ලක්වෙයි
පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය පුත්තලම අනුරාධපුර මාර්ගයේ 15 වන සැතපුම් කණුව ආසන්නයේ දී අනතුරට ලක්වුණා.
අනතුරෙන් පුද්ගලයෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මන්ත්‍රීවරයා පුත්තලමේ සිට අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටියදීයි අනතුරට මුහුණ දී ඇත්තේ.
එම දෙසටම ධාවනය වු අත්ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටි මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සදහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටි මෝටර් රථයේ රියදුරු සාලිය වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම්ගේ මෝටර් රථය අනතුරකට ලක්වෙයි appeared first on ITN News.