මෝදර ප්රදේශයේ වෙඩි තැබීමක්
මෝදර ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් අවන්හල් කළමනාකරුවෙකු තුවාල ලැබුවා.
මෝදර පොලිස් වසමේ මෝදර වීදිය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් අවන්හල් පිවිසුම ආසන්නයේ රැඳී සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් තිබෙනවා.
වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ පිස්තෝලයක් බවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලැබු පුද්ගලයා කොළඹ 14 මහවත්ත පටුමග ප්‍රදේශයේ පදිංචි 51ක් හැවිරිදි අයෙකු වන අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
The post මෝදර ප්රදේශයේ වෙඩි තැබීමක් appeared first on ITN News.