සෞඛ්ය වර්ජනය අදත්
සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඊයේ (13) උදෑසන 6.30ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබු අතර ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රෝහල් කටයුතු පවත්වාගෙන යාමට රජය පියවර ගනු ලැබුවා.
මේ අතර සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙනවා.
The post සෞඛ්ය වර්ජනය අදත් appeared first on ITN News.