ශ්රී ලංකාව ආර්ථික වර්ධනයේ ආකර්ෂණීය මධ්යස්ථානයක් – ජයිකා සභාපති

- itnnews.lk

ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථික සංවර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක් ලෙස නම් කරමින් (JICA) ජයිකා ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අඛණ්ඩව සහාය වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙහි (JICA) සභාපති ආචාර්ය තනාකා අකිහිතෝ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙහි (JICA) සභාපති ආචාර්ය තනාකා අකිහිතෝ මහතා අතර හමුවක් ඊයේ (2024.02.14) කොළඹ අරලියගහ මන්දිරයේ පැවැත්වුණා.

1968 වසරේ (JICA) ජයිකා ශ්‍රී ලංකා ආධාර සංගමයේ සාමාජිකත්වය ලබා ගත් දා සිට දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ආචාර්ය අකිහිතෝ මහතාට ස්තූතිය පළ කළා.

ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණයේ ගොවීන් සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා නව ව්‍යාපෘති පිළිබඳ සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා ජයිකා ආයතනයෙන් ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාවේ රෝහල්වල සූර්ය බලශක්ති ඒකක පිහිටුවීම ඇතුළත් නව පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක් සඳහා JICA ප්‍රදානයක් ලබා දෙන බව ආචාර්ය අකිහිතෝ පැවසුවා.

ජයිකා ආයතනය විසින් අනුරාධපුරයේ ආරක්ෂිත ජල සම්පාදන ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත් එහි සමාරම්භක උත්සවයට හෙට (15) පුරාණ අගනුවරදී සහභාගි වන බවත් ඔහු සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, අපිරිසිදු ජලය හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරු වූ දිස්ත්‍රික්කයක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මෙමගින් ඉමහත් සහනයක් සැලසෙන බව ප්‍රකාශ කළා.

උග්‍ර ආර්ථික අර්බුදයකින් පසු ඉක්මන් ප්‍රකෘතිමත් වීම පිළිබඳව ජයිකා සභාපතිවරයා ලංකා රජයට ප්‍රශංසා කළ අතර රට දැන් ශීඝ්‍ර වර්ධනයක් කරා යමින් සිටින බව පැවසුවා.

“ගෝලීය වර්ධනය ආසියා ශාන්තිකර කලාපයට මාරු වී ඇති අතර මෙහි දී ශ්‍රී ලංකාව ලෝක ආර්ථික වර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක්” යැයි පැවසූ ඔහු ජයිකා ආයතනය මෙම ක්‍රියාවලියේ හවුල්කරුවෙකු ලෙස දිගටම කටයුතු කරන බව ද අවධාරණය කළා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නේ රටට වැඩි සංචාරක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාව වැදගත් ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට එය උපකාරී වන බැවිනි.

ජයිකා ආයතනය රට පුරා පුළුල් පරාසයක ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.

යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සේවා පුළුල් කිරීම, මානව සම්පත් සහ ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීම, ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස යන අංශ ඊට ඇතුළත් වේ.

ඉදිරි ආධාර වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා සංවර්ධන අවශ්‍යතා සොයා බැලීම සඳහා ජයිකා ආයතනයේ සභාපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.

කෘෂිකාර්මික හා ග්‍රාමීය කර්මාන්ත නඟා සිටුවීම, ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය කිරීම සහ අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධ සමාජ සේවා පුළුල් කිරීම සඳහා සහාය සැපයීමට ජයිකා ආයතනය අවධානය යොමු කරන බවත් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ව ව්‍යාපෘති සඳහා සහාය ලබාදීමට සහතික වන බවත් ජයිකා සභාපති වරයා වැඩිදුරටත් පැවසුවා.

ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki), ජයිකා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව), ඉටෝ තෙරුයුකි (Ito Teruyuki), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ටකෙෂිටා මස්ටාකේ (Takeshita Mastake), ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙත්සුයා යමාඩා (Tetsuya Yamada), අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන යන අය මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

The post ශ්රී ලංකාව ආර්ථික වර්ධනයේ ආකර්ෂණීය මධ්යස්ථානයක් – ජයිකා සභාපති appeared first on ITN News.

You may also like

- adaderana.lk

All schools in the Puttalam district will be closed on Monday (May 20) due to the adverse weather conditions.

- adaderana.lk

Leader of the National Peoples Power (NPP) Anura Kumara Dissanayake states that an NPP government will abolish all special privileges of the Heads of the State including pensions, allowances, official residences, vehicles etc.

- adaderana.lk

A helicopter carrying Iranian President Ebrahim Raisi suffered a Âhard landing on Sunday, Iranian state media reported, without immediately elaborating.

- adaderana.lk

Vietnam has nominated its Public Security Minister To Lam as its new president, state media said on Saturday, after his predecessor resigned in the ongoing anti-corruption campaign that has shaken up the country s political establishment.

- colombotelegraph.com

[…]The post Debate Or No Debate, Addressing Critical Issues Is Important For Voters appeared first on Colombo Telegraph.

- adaderana.lk

A fire has reportedly broken out in the living quarters of highway access road workers near the Colombo Port.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc