How can Sri Lankan charities find international donors and partners?

ලංකාවේ පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදන සඳහා Eco Label හඳුන්වා දෙයි

- itnnews.lk

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදන සඳහා Eco Label (පාරිසරික ලේබලය) හඳුන්වාදීමේ “ Eco Label: One Step, Great Chance – Join the Transformation” ඉහළ මට්ටමේ සංසදය පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ B.K. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14) කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වුණා.

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) විසින් සංවිධානය කළ මෙම සංසදය මගින් තිරසාර හා පරිසර හිතකාමී නිෂ්පාදන හා සේවා සඳහා Eco Label සහතිකය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළා.

ලොව පුරා ව්‍යාපාරවල ජනප්‍රිය භාවිතාවක් වන Eco Label යනු බොහෝ කර්මාන්ත අංශවල පවතින පාරිසරික කාර්ය සාධනය සහතික කරන ක්‍රමවේදයක් වන අතර මෙමගින් ව්‍යාපාරවල ඇතිවන පාරිසරික ගැටළු නිරාකරණය කර, එම නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපළේ වැඩි අවස්ථාවක් හිමිකර දෙයි.

මෙම ” Eco Label ශ්‍රී ලංකා වැඩසටහන” ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC)  විසින් මීට වසර 4 කට පෙර ආරම්භ කළ අතර, මෙම වැඩසටහන මගින් මේ වන විට තේ, කිරි නිෂ්පාදන, ඉදිකිරීම්,  තීන්ත,  වානේ, රසායනික ද්‍රව්‍ය, සිමෙන්ති හා රෙදිපිළි යන අංශ සඳහා Eco Label හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර ඉදිරියේදී පිඟන් මැටි, පෝසිලේන්, කඩදාසි හා කාර්යාලීය උපකරණ යන අංශ සඳහාද Eco Label සහතික ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC)  විසින් “Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) හි සහයෝගීතාවයෙන් හා ජපානයේ Eco Mark ආයතනයේ තාක්ෂණික සහයෝගීතාව ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර Global Eco Labeling Network (GEN) හි   පූර්ණ සාමාජිකත්වය ලබාගත්,  ISO 14024:2018 ජාත්‍යන්තර ප්‍රමිතිය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එකම Eco Label  වැඩසටහන මෙය වේ.

මෙම “ Eco Label: One Step, Great Chance – Join the Transformation”  සංසදයේදී ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී හා ගෝලීය වෙළඳපළ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී පාරිසරික ලේබල්කරණයේ වැදගත්කම, සෞභාග්‍යමත් අනාගතයක් උදෙසා පාරිසරික ලේබල්කරණය හා ශ්‍රී ලංකාවේ Eco Label ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

මෙහිදී රෙදි පිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශය යටතේ Heyleys Fabric සමාගම හා TeeJay Lanka සමාගමත් තේ නිෂ්පාදන අංශය වෙනුවෙන් Quick Tea සමාගමද Eco Label  සහතික ලබාගත් අතර රෙදි පිළි කර්මාන්තයේදී Eco Label ක්‍රියාවලියේ වැදගත්කම හා එමඟින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අතර Eco Label  සහතික ලැබූ ආයතන ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ B.K. ප්‍රභාත් චන්ද්‍රකීර්ති , GIZ හි ව්‍යාපෘති අධ්‍යක්ෂක Wilasinee Poonuchaphai, GIZ හි  ලංකා  නියෝජ්‍ය අධ්‍යක්ෂ Tobias Schleicher, ජපානයේ පාරිසරික අධ්‍යයනයන් සඳහා වූ ජාතික ආයතනයේ Social Systems Division හි ප්‍රධානී ආචාර්ය Minoru Fujii, ජපානයේ Eco Mark ආයතනයේ සාමාන්‍යාධිකාරී Takashi Fujisaki, ජපානයේ Eco Mark ආයතනයේ නියෝජ්‍ය කලමණාකාර Hiroyuki Kobayashi, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ආයතන ප්‍රධානීන්  ඇතුළු පිරිසක් සහභාගි වුණා.

 

 

 

The post ලංකාවේ පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදන සඳහා Eco Label හඳුන්වා දෙයි appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post A Season Of Fun & Frolic; Every Pantaloon Is Running Loose appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post American Chaos, Modi’s Heatwave & Ranil As Common Government Candidate appeared first on Colombo Telegraph.

- adaderana.lk

An ammunition explosion at a base in southwestern Cambodia on Saturday afternoon killed 20 soldiers and wounded several others, Prime Minister Hun Manet said.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the government s aim to create a highly competitive, export-oriented economy based on market economy, expressing full faith in the business community of the country.

- adaderana.lk

The Indian Government on Saturday said it has allowed exports of 99,500 tonnes of onions, mainly sourced from Maharashtra, to six neighbouring countries despite the ban on shipments.

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc