නුවරඑළියට ඝන මීදුමක් – රිය ධාවනයේදී සැලකිලිමත් වන්න
නුවරඑළිය ප්‍රදේශයට පතිත වන සුළු වර්ෂාවත් සමඟ ප්‍රදේශය පුරා ඝණ මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් ප්‍රධාන මාර්ග වල ඉදිරියෙන් ධාවනය වන වාහන නොපෙනීමේ නිසා නුවරඑලිය ප්‍රදේශයට ධාවනය කරන වාහන වල රියදුරන් දැඩි ලෙස විමසිල්ලෙන් වාහන ධාවනය කරන ලෙස නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
නුවරඑළිය නගර සීමාව , හාවාඑළිය බොරලන්ද උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය , නානුඔය තලවාකැලේ හැටන් ප්‍රධාන මාර්ගය , නානුඔය රැදැල්ල කෙටි මාර්ගය , නුවරඑළිය මීපිළිමාන පට්ටිපොළ ලෝකාන්තය පිවිසුම් මාර්ගයන්හි මෙම ඝන මීදුම් තත්ත්වය හා ඕනින් මාර්ගයට පැනීමේ අවදානම් තත්ත්වය පවතින බැවින් මෙම මාර්ගයන්හි වාහන යෙදවීමේදී ඉතාමත්ම අඩු වේගයකින් හා සැලකිලිමත්ව වාහන ධාවනය කිරීමට කටයුතු කරන ලෙසද නුවරඑළිය පොලීසිය රියදුරන්ට දන්වා සිටිනවා.
තවද ඉදිරියෙන් පැමිණෙන වාහන නොපෙනීමේ තත්වයක් පවතින බැවින් සෑම වාහනයකම ආලෝක සංඥා විදුලි පහන දල්වාගෙන යෑමට කටයුතු කරන ලෙසත් රියදුරන්ගෙන් නුවරඑළිය රථවාහන පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
The post නුවරඑළියට ඝන මීදුමක් – රිය ධාවනයේදී සැලකිලිමත් වන්න appeared first on ITN News.