අඹුසැමි ආරවුල දුරදිග ගිහින් තිදරු පියාගේ සිරුර ළිඳෙන් හමු වෙයි
වව්නියාව සෙට්ටිකුලම් වීරපුරම් ප්‍රදේශයේදී තිදරු පියෙකුගේ මළසිරුරක් ඊයේ දින ළිඳකින් ගොඩගෙන තිබෙනවා.
මිය ගිය පුද්ගලයා සිය බිරිඳ සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අසල පිහිටි ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇති බවටයි සැක පලකරන්නේ.
ඊයේ දින මෙම පුද්ගලයා නිවසේ සිට ඒකවරම දිව ගොස් අසල පිහිටි ළිඳකට පැන ඇති බවටත් පසුව ඒ් පිළිබඳව බිරිඳ සහ දරුවන් විසින් අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා කෑගසා ඇති අතර ඒහිදී අසල්වාසීන් වහා පැමිණ අදාල ළිඳට බැස ඒම පුද්ගලයා ගොඩට ගත්තද ඒ් වනවිටත් ළිඳට පැන්න පුද්ගලයා මිය ගොස් සිට තිබෙනවා.
පසුව ඒ් පිළිබඳව ගම්වාසීන් විසින් සෙට්ටිකුලම් පොලීසියට දැනුම් දුන් අතර පොලීසිය එම ස්ථානයට පැමිණ පරික්ෂණ සිදුකරන ලදි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වීරපුරම්හි පදිංචි 33 හැවිරිදි තිදරු පියෙකු වූ සෙබමාලෙයි මුරිසන් නැමැත්තා වන අතර සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
The post අඹුසැමි ආරවුල දුරදිග ගිහින් තිදරු පියාගේ සිරුර ළිඳෙන් හමු වෙයි appeared first on ITN News.