ගංජා මිශ්ර මදනමෝදක තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර ගංජා මිශ්ර මදනමෝදක තොගයක් අලෙවියට සූදානමින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙකි.
යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ හිගුරක්ගොඩ නගරයේ දෙවන හරස්වීදිය ප්‍රදේශයේ දීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
එහි දී ගංජා මිශ්‍ර මදන මෝදක පැකට් 671ක් අලෙවි කරමින් සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු හිගුරක්ගොඩ පොලිසිය සිදු කරනු ලබයි.
The post ගංජා මිශ්ර මදනමෝදක තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.