දිර්ඝ නිවාඩුවත් සමඟ ශ්රී පාදස්ථානය වන්දනා කිරීමට දුම්රියෙන් විශාල පිරිසක් එයි
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලීසිය පවසනවා.
සති අන්ත දිර්ඝ නිවාඩුව සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය කරන මගි දුම්රියන් වලට අමතරව විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනයට එක් කර තිබෙනවා.
එම දුම්රියන් වලින් හැටන් දුම්රිය ස්ථානය දක්වා ශ්‍රී පාදස්ථානය වන්දනා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
දුම්රියන් පැමිණෙන සෑම අවස්තාවකම හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන යාමට දිවා රාත්‍රී දෙකේම හැටන් ලංගම ඩිපෝව මගින් ලංගම බස් රථ ගණනාවක් ධාවනය එක් කර තිබෙනවා.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පැවසුවා.
The post දිර්ඝ නිවාඩුවත් සමඟ ශ්රී පාදස්ථානය වන්දනා කිරීමට දුම්රියෙන් විශාල පිරිසක් එයි appeared first on ITN News.