ග්රහලෝකාගාරය අද සිට දින කිහිපයක් වැසෙයි
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද (27) සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව අද (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත.
එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත.
The post ග්රහලෝකාගාරය අද සිට දින කිහිපයක් වැසෙයි appeared first on ITN News.